ශ්‍රීී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු තරගය අද

Share Button

ශ්‍රීී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු ක්‍රිකට් තරගය බුඩාබි හිදි අද පැවැත්වේ. තරගය රාත්‍රි 7.30 ට ඇරඹේ. මීට පෙර ඕමාන කණ්ඩායම සමග පුහුණු තරග දෙකම ජය ගැනීමට ශ්‍රීී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගි වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයටයි.

අන්තර්ජාතික තරග ජයග්‍රහණය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. ලබන වසරේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිීඩා උලෙල කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුණ ජයග්‍රහණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම බව ඔහු පෙන්වා දෙයි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේ ජයග්‍රහණ හිමි කර ගත් ක්‍රීඩකයන්ට උපහාර දැක්වීමේ උත්සවයකට එක් වෙමිනි. ක්‍රීඩා අමාත්‍යංශයේදී එම උත්සවය පැවැත්විණ. මෙහිදී ක්‍රීඩකයන්ට රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් පිරිනැමිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *