ඇමරිකාවේ ඉන්ධන මිලගණන් වසර 7 කට පසු ඉහළම මට්ටමකට

Share Button

ඇමරිකානු ඉන්ධන මිලගණන් වසර 7 කට පසු ඉහළම මට්ටමකට පැමිණ තිබේ. ලොව පුරා රටවල ආර්ථිකයන් වසංගත අවපාතයකට මුහුණ දී සිටීම නිසා මෙම තත්ත්වයට මුහුණ දිීමට ඇමරිකාවට ද සිදුවී ඇත.

ඇමරිකාවේ ඉන්ධන මිල පාලනය කරන ඩබ්ලිව් ටී අයි ආයතනය පෙන්වා දෙන්නේ 2014 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වු ඉහලම අගය මෙය බවයි. ඒ අනුව සඳුදා බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 ක් දක්වා ඉහළ ගොස් තිබෙ.

සුළි කුණාටු හේතුවෙන් ඇමරිකානු තෙල් නිෂ්පාදනය මේ වනවිට අඩාල වී ඇත. මේ අතර ලබන මාසයේදී තම නිෂ්පාදනය වැඩි නොකිරිීමට තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් තීරණය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *