මහවැලි වගා ප්‍රවර්ධන සතිය ඇරඹෙයි

Share Button

මහවැලි වගා ප්‍රවර්ධන සතිය අද සිට ප්‍රකාශයට පත් කර ඇත. මහවැලි වගා සංග්‍රාමය වස විස නැති රටක් සෞඛ්‍ය සම්පන්න දේශයක් ලෙස ක්‍රියාත්මක වන සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි.

මෙහි සමාරම්භක උළෙල අද පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේදී අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කොවිඩ් 19 ලෝක වසංගතය හමුවේ අභියෝගයට ලක්ව ඇති ලෝක ආර්ථිකය තුළ ශ්‍රී ලාංකිකයන්ටද යහපත් ජීවනෝපායක් සහ ආර්ථික සවිබල ගැන්වීමක් වෙනුවෙන් ඵලදායි තිරණ ගැනීමට සිදුව තිබේ. මහවැලි කලාප ආශ්‍රීත ගෙවතු වගා ව්‍යාපෘති සහ කාබනික ප්‍රවර්ධන වැඩසටහන ගෘහස්ථ ආර්ථික අභියෝග සදහා කාලෝචිත පියවරක් බවද අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *