අගමැති සහ ගුරු විදුහල්පති සමිති සංවිධානය අතර සාකච්ඡාව අවසන්

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගුරු විදුහල්පති සමිති සංවිධානය අතර පැවැති සාකච්ඡාව නිසි විසදුමකින් තොරව අවසන් වු බව එම සංවිධානයේ කැදවුම්කරු ජොශප් ස්ටාලින් මහතා පවසයි. එම සාකච්ඡාව අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා පැවසීය.

අදියර දෙකක් යටතේ වැටුප් ගෙවීමට අගමැතිවරයා සහ ගුරු සංගම් අතර පැවැති සාකච්ඡාවේදී යෝජනා ඉදිරිපත් විය. එම යෝජනාව සදහා තම සංගමයේ එකගතාව පළ කල බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය කියා සිටියාය.

එළඹෙන 21 වැනදා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහිදී සිසුන් 200 ට අඩු පාසල් පළමු අදියරේත් ඉතිරි පාසල් අදියර කිහිපයක් යටතේත් ආරම්භ කිරීමට නියමිත බව ඇය කිීවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *