ශ්‍රී ලංකා-බංග්ලාදේශ පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share Button

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාලව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති පුහුණු තරගයේදී කඩුඵ 04 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුඵ 07 ක් දැවී ලකුණු 147 ක් රැස් කළේය. පන්දු යැවිමේදී දුෂ්මන්ත චමීර කඩුඵ 03 ක් බිඳ හෙලීය. ලහිරු කුමාර හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් විය.

පිලිතුරු ඉනීම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුඵ 06 ක් දැවී ලකුණු 149 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 42 කදී ලකුණු 62 ක් රැස් කළේය. චාමික කරුණාරත්න ලකුණු 29 යි.

මීට පෙර පැවති පුහුණු තරග දෙකද ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව නැමිබියාව සමග ලබන සදුදා ද, අයර්ලන්තය සමග ලබන 20 වැනිදා ද, නෙදර්ලන්තය සමග ලබන 22 වැනිදා ද තරග වැදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *