බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි

Share Button

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සති දෙකක කාලයක් අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම ඊට හේතවයි.

කල් ඉකුත් වු වාහන ආදායම් බලපත්‍ර හා දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම ලබන 27 වන දා සිට ස්ථාන කිහිපයක දී යලි ආරම්භ කෙරේ. පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුව සහ කඑතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඒවා නිකුත් කරන බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *