වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්

Share Button

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනවිරත්න මහත්මිය පවසයි. මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් හදුනා ගෙන තිබේ. ඉන් සියයට 67 ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

කෑගල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීහු වැඩි වශයෙන් හදුනාගනු ලැබුහ. උණ ගතිය දින දෙකකට වඩා පවති නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්නැයි විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනවිරත්න මහත්මිය ජනතාවට දැනුම් දෙයි. රුධිර පරීක්ෂාවකින් අනතුරුව රෝග විනිශ්චය කරගත හැකිය.

කොරෝනා රෝගයට සහ ඩෙංගු රෝගයට අදාළ රෝග ලක්ෂ බෙහෙවින් සමානකමක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙස ඇය ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *