සතොස සුදුඵෑණු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්

Share Button

ලංකා සතොස ආයතනය සුදුඵෑණු වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සදහා නිලධාරින් තිදෙනෙකු පත්කර ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය අතිරේක ලේකම්වරුන් හා සෙසු පාර්ශ්ව දෙකක සංයුතියෙන් එම පරීක්ෂණය සිදු කෙරේ. සිද්ධිය පිළිබඳව විමර්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යංශය අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරන්නේ ඊට අමතරවයි.

සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ පෑලියගොඩ පොලිසිය අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ භාරදීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම චෝදනාව ඉදිරිපත් කරන පුද්ගලයා මාධ්‍යවල පළ කරන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පුර්ණ පරීක්ෂණයක් සිදුකර යක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසිලෙස කිරීමට ජනාධිපතිතුමා ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතාට දැනුම්දී ඇතැයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *