මහ කන්නය සදහා ගොවීන්ට කාබනික පොහොර බෙදාහැරීම අම්පාරෙන් අද ඇරඹෙයි

Share Button

මෙවර මහ කන්නයේ වගාව සදහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීම අම්පාර දිස්තික්කයෙන් අද ඇරඹෙයි. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී එම තීරණය ගනු ලැබිය.

අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන වැඩපිළිවෙල සෙසු දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත කෙරේ. වී වගාව බහුලව සිදු කෙරෙන අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණැගල, හම්බන්තොට හා පුත්තලම යන දිස්ත්‍රික්ක කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරෙනු ඇත.

දැනටමත් තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සදහා රජය සපයන මුදල් ගෙන ඇති ගොවීන් හැර සෙසු ගොවීන්ට අවශ්‍ය කාබනික ඝන පොහොර ඒ ඒ ප්‍රදේශවල ගොවිජන මධ්‍යස්ථානවලින් සැපයේ. ඒ සදහා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කාබනික ඝන පොහොර ප්‍රවාහනය කෙරේ.

ඊට අමතරව ජෛව දියර පොහොර හා කාබනික නයිට්‍රජන් සෑම ගොවිජන මධ්‍යස්ථානයකම ගබඩාකර තැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *