ඇෆ්ගනිස්ථානය ආර්ථික අගාධයකට ඇද වැටිමට ඉඩ නොතබන බවට ජී-20 ලෝක නායකයන්ගෙන් ප්‍රතිඥා

Share Button

ඇෆ්ගනිස්ථානය ආර්ථික අගාධයකට ඇද වැටිමට කිසිසේත් ඉඩ නොතබන බවට ජී-20 ලෝක නායකයෝ ප්‍රතිඥා දෙති. ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය යලි ගොඩනැංවීම සදහා ආධාර කරන්නැයි එක්සත් ජාතින්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇති අවස්ථාවක ජී-20 සමුඵව පැවැත්වෙයි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට සපයන ආධාර සෘජුවම පාලක තලේබාන් සංවිධානයට නොදිය යුතුය යන්න ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ අදහස විය. ස්වාධින ජාත්‍යන්තර සංවිධානයක් මගින් එම ආධාර සැපයිය යුතු බව ඔහු සදහන් කළේය.

මේ දක්වා ඇෆ්ගනිස්ථානයට විදේශාධාර ලැබි ඇත්තේ ආහාර සහ ඖෂධ සදහා පමණි. යුරෝපා සංගමයේ ප්‍රධානි උර්ෂුලා වොන් ඩේ ලෙයින් මහත්මිය ඇෆ්ගනිස්ථානයට ඩොලර් කෝටි 1150 ක ආධාර පිරිනැමිමට ඉදිරිපත්ව සිටි. ඇෆ්ගනිස්ථානයෙන් පලා යන සරණාගතයන් භර ගන්නා අසල්වැසි රටවලට ද එම ආධාර හිමිවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *