අදියර 2 කින් ලබාදීමට යෝජිත වැටුප් වැඩි වීම එකවර ලබා ගැනීම තම අරමුණ බව ලංකා ගුරු සේවා සංගමය කියයි

Share Button

අදියර 2 කින් ලබාදීමට යෝජිත වැටුප් වැඩිවීම එකවර ලබා ගැනීම තම සංගමයේ අරමුණ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී රජය පාර්ශවයෙන් ලබා දුන් තීරණය පිළිබඳව සාකච්ඡාවක් ඒකාබද්ධ ගුරු සංගම් සමිති එක්ව අද පැවැත්විණ. වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යමින් සාකච්ඡා කර තීරණයකට එළැඹීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සදහා රජය ඊයේ ලබා දුන් සාධාරණ තීන්දුවට මෙම අවස්ථාවේ දී ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසයි. ජාතික ගුවන් විදුලිය කළ විමසීමක දී ඇය සඳහන් කළේ අදාල වැටුප් වැඩි කිරිම අවස්ථා 3 කදී සිදු කිරිමට අමාත්‍ය අනුකමිටුව යෝජනා කර තිබුණද ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන අවස්ථා 2 කදී එය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි. මෙම අවස්ථාවේදී දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර සහාය ලබා දෙන ලෙස ඇය සමස්ත ගුරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *