අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්

Share Button

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහබැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අද ඉල්ලිමක් කළේය.

මෙම නඩුව චම්පා රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳාවනු ලැබිණ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම ඉල්ලීම කළේය.

එම විත්තිකරුවන් දෙදෙනා මේ වනවිට විදේශගතව සිටින බව වාර්තා වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *