ඉන්දීය යුද හමුදා ප්‍රධානී හා ජනපති අතර හමුවක්

Share Button

සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානි මනෝජ් මකුන්ද් නාරාවන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමුවීමට නියමිතයි.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 5 ක සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානියා දිවයිනට ඊයේ පැමිණියේය. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ඇතුඵ පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඒ මහතා සාලියපුර ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරයට හෙට සහභාගි වෙයි. එහිදී ඔහුට සම්මාන පෙළපාලියක ආචාරය ද පිරිනැමෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *