පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 රැස්වෙයි

Share Button

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සහ 22 වැනිදා රැස් වෙයි. පොහොර පිළිබඳ සභාව කල් තැබිමේ විවාදය 21 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසිය. කෝප් වාර්තාව පිළිබඳ සභාව කල් තැබිමේ විවාදය 22 වැනිදා පැවැත්විමට නියමිතයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදි මෙම තීරණය ගෙන තිබෙ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා පාර්ලිමේන්තුව රැස් වන එම දෙදින තුළ පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වෙන් කර ඇත.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදි සම්මත වු පනත් කෙටුම්පත් දෙකක් අද සිට බලාත්මක වෙයි. එසේ බලාත්මක වන්නේ ඡන්ද ලියාපදිංචි කිරිමේ සහ සේවක අර්ථසාධක අරමුදල් යන සංශෝධන පනත් කෙටුම්පත් දෙකයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ ඊට සිය සහතිකය තැබුවේය.

සේවක අර්ථසාධක අරමුදල් පනත් කෙටුම්පත මගින් ඉන්දියාවේ සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවුරුදු 58 ඉක්මවිමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක් වු මුදල් ලබාගැනිමට හැකිවන පරිදි සංශෝධන සිදු කර ඇත.

මේ අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිමේ පනත් කෙටුම්පතෙතන් වයස අවුරුදු 18 සම්පුර්ණ වු පුද්ගලයෙකුට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව හිමිව තිබෙ. මීට පෙර ඡන්ද හිමියන් ලියාපදිංචි කළේ අදාළ වර්ෂයේ ජුනි 01 වන දිනට වයස අවුරුදු 18 සම්පුර්ණ කළ පුද්ගලයන් සදහායි. එම දිනට පසු උපන්දිනය ඇති පිරිසට ඡන්ද අයිතිය හිමිවූයේ ඉදිරි වසරේ මැයි 31 වැනි දිනට පසුවයි. එය මගහරවා ගැනිම සඳහා එම කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *