කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල උසස්පෙළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන 15 වැනිදා සිට

Share Button

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදිම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එම්.ජී.ධර්මසේන මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ උසස් පෙළ විභාගයට එක්වරක් පෙනි සිටි සහ මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසු දරුවන් සදහා එම එන්නත් ලබාදෙන බවයි.

ඉදිරියේදි පළාත් මට්ටමින් පාසල් දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර තිබෙ. එන්නත්කරණය සදහා පැමිණිමේදි හැදුනුම්පත රැගෙන ආ යුතුය.

ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *