ඉන්දිය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනපති අතර හමුවක්

Share Button

භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දිය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද පෙරවරුවේ පැවැත්විණි.

සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනි සිටි පුද්ගලයෙකි. එමෙන්ම ඔහු මෙරට ත්‍රස්තවාදය පරාජය කිරිමට ඉන්දියාව සහාය දිය යුතු බවට අවධාරණය කළ අයෙකු ලෙසද සැලකේ.

ආර්ථික විශේෂඥයෙකු සහ සංඛ්‍යාලේඛණඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා ජනාධිපතිතමා ආරක්ෂක ලේකම්වරයාව සිට සංවිධාන කළ සම්මන්ත්‍රණ වල දේශකයෙකුද විය. ඒ මහතා මෙවර සංචාරයේදි නැවත හමුවිමට ලැබිම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *