ශ්‍රීී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොල කලාපයට

Share Button

ශ්‍රිී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොල කලාපයට එක් කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුඵ අන්තර්ජාතික සංවිධාන කිහිපයක් එලෙස ශ්‍රීී ලංකාව කොල කලාපයට ඇතුලත් කර ඇතැයි කොවිඩ් නයින්ටීන් සම්බන්ධිකාරක සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියයි.

දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඩුවීම සැලකිල්ලට ගෙන ඔවන් එම තීරණය ගෙන තිබෙ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනය කළ රටවල් කොල කලාපයට ඇතුලත් කෙරේ.

කෙසේ වෙතත් ජනතාව වගකීමෙන් ක්‍රියා නොකලහොත් ශ්‍රිී ලංකාව යලිත් රතු කලාපයට ඇතුඵ කිරීමේ අවදානම පවතින බව පෙන්වා දෙන වෛද්‍ය අන්වර් හම්දානි මහතා ශ්‍රීී ලංකාව තවදුරටත් කොල කලාපයේ රඳවා තබා ගැනීමේ වගකිීම ජනතාවට පැවරී ඇතැයි අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *