කොරෝනා වයිරසයේ මුලාරම්භය හඳුනා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් විශේෂඥ කණ්ඩායමක්

Share Button

කොරෝනා වයිරසයේ මුලාරම්භය හඳුනා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් විශේෂඥ කණ්ඩායමක් පත් කරයි. සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම දැනට ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන විද්‍යාත්මක උපදේශක කණ්ඩායමට එක් වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වයිරසයේ මුලාරම්භය හඳුනා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බවයි.

චීනයේ වුහාන් නගරයෙන් එම වයිරසය මුලින් හඳුනාගෙන මේ වනවිට වසර එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත් එහි මුලාරම්භය තවමත් අභිරහසක්ව පවතී. වයිරසය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වුයේ ද නැතහොත් විද්‍යාගාරයක සිදුවු අනතුරකින් එය ව්‍යාප්ත වුයේ ද යන්න පිළිබඳව සැක මතුවී තිබේ.

කෙසේ වෙතත් එය රසායනාගාර අනතුරකින් ව්‍යාප්ත වු බවට පවතින මතය චීනය ප්‍රතික්ෂේප කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *