ගමසමග පිළිසදර වැඩසටහනෙන් දැරණියගලට සංවර්ධන ව්‍යාපෘති රැසක්

Share Button

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල දික්ඇල්ලකන්ද ප්‍රදේශයේ පැවැති ගම සමග පිළිසදර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලේ. ජල ගැටලුව, ඉඩම්, අධ්‍යාපන, මහාමාර්ග, සනීපාරක්‍ෂක ඇතුඵ පොදු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සැලකිල්ලට ගැනේ.

ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 5804 ක් ඇස්තමේන්තු කර ඇත. ඒ යටතේ මාර්ග 94 ක් ප්‍රතිසංස්කරණය කෙරේ. මාර්ග 27 ක් ටෙන්ඩර් කැදවා අවසන්ය. තවත් මාර්ග 59 ක සක්‍යතා අධ්‍යයන සිදුකිරීමට නියමිතව තිබේ. පාලම් 29 ක්ද මේ යටතේ සංවර්ධනය කෙරේ.

ජල ව්‍යාපෘති 40 ක්ද ඉදිකිරීමට යෝජිත බව කෑග්ලල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *