ආනයනික කාබනික පොහොර බෙදා හැරීම ඉදිරි සති දෙක තුළදී

Share Button

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර මිලදී ගැනීමට හෝ අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 12 500 ක මුදලක් ගොවීන්ට ලබාදී ඇතැයි ලංකා පොහොර සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ලංකා පොහොර ආයතනය හා කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය අමාත්‍යංශය ලබාදෙන උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ මෙම ආයතන දෙකයි. මහ කන්නය මේ වනවිට ආරම්භ කර තිබේ. ඊට අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙට්‍රික්ටොන් 30000 ක් මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබේ.

මේ අතර කාබනික පොහොර භාවිතය සදහා ලංකා පොහොර ආයතනය මගින් ඉටුවිය යුතු කාර්යභාරය වෙනුවෙන් මුලු ආයතනයම ප්‍රතිව්‍යුහගත කර ඇතැයි ප්‍රියන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *