ඉදිරි අයවැයේදි ගමේ සංවර්ධනයට වැඩි මුදලක්
ඉදිරි අයවැයෙන් ගමේ සංවර්ධනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසය. ජාතික ගුවන්විදුලියේ දසදෙසින් හත වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ යහපාලන රජය සමයේ රටේ ආර්ථිකයේ වර්ධනයක් නොවු බවයි. රටේ බහුතර ව්‍යාපාරික ප්‍රජාව සුඵ් හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ වෙති. ඔවුන්ගේ ව්‍යාපාර මේ වනවිට අඩපණව තිබෙ.වත්මන් රජය බලයට පැමිණි විගස සිදුකළේ බදු ව්‍යුහයේ වෙනස්කම් කර එම ව්‍යවසායකයින්ට සහන ලබාදිමයි. අයවැයේදි සෑම ග්‍රාමසේවා කොට්ඨාසයක් කෙරෙහිම අවධානය යොමු කෙරේ.