රට තුළ ඉන්ධන හිගයක් නැතැයි ඇමති උදය ගම්මන්පිල අවධාරණය කරයි
රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නැතැයි ඇමති උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. එමනිසා අනවශ්‍ය අන්දමින් කලබලයට පත් නොවන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.
පසුගිය මාස 4 පුරා ඛණීජ තෙල් වෘත්තීය සමිති මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයෝ වරින්වර ඛණිජ තෙල් හිගයක් ඇති වන බවට පදනම් විරහිත ප්‍රකාශ සිදුකළහ. එහෙත් එවැනි හිගයක් රට තුළ ඇති නොවු බව ඇමතිවරයා පෙන්වා දෙයි.