පෞද්ගලික බැංකුවක මුදල් කොල්ලකෑ රියදුරු අත්අඩංගුවට

Share Button

පෞද්ගලික බැංකුවක ටේලර් යන්ත්‍රවලට මුදල් දැමීම සදහා කොළඹ සිට නුවරඑළිය දක්වා මුදල් රැගෙන ගිය වෑන් රථයක් කොල්ලකෑ එම රථයේ රියදුරු අත්අඩංගුවට ගැනේ. ආරක්‍ෂක නිලධාරීන් කණ්ඩායමක් සමග ගමන් ගත් එම රථය නතර කර හැට්න් නගරයේ ටේලර් යන්ත්‍රයට මුදල් දමන අවස්ථාවේ වෑන් රථයේ තිබු මුදල් රැගෙන මෙම රියදුරු පලාගොස් තිබේ.

රියදුරු සමග රුපියල් 6 කෝටි 74 ලක්‍ෂ යකට අධික මුදලක් නුවර හැට්න් මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. වාහනයට සවිකර තිබු චන්ද්‍රිකා දත්ත උපකරණය මගින් වාහනය ගමන් කරන මාර්ගය නිරීක්‍ෂණය කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. සැකකරු වෑන් රථය සහ මුදල් වැඩිදුර විමර්ශන සදහා කැප්පෙටිපොල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුරන්දර මහතාගේ නියෝගයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධීකාරියේ පරිගනක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධීය සම්බන්ධයෙන් රක්‍ෂීත බන්ධනාගාරගතව සිටි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැදවු අවස්ථාවේ මෙම නියෝගය තර තිබේ.

අපරික්‍ෂාකාර්ී ලෙස රිය පදවා තරුණයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පඨලි චමිපික රණවක මහතා ඇතුලු කිහිප දෙනෙකුට එරෙහිව නඩුව ලබන 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...