අදත් හෙටත් විදුලිය විසන්ධීවීමක් කිසිසේත් සිදු නොවන බවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් සහතිකයක්

Share Button

වෘත්තීය ක්‍රියාමාර්ගයක් මගින් අදත් හෙටත් රටම අදුරේ තබන බවට ඇතැම් වෘත්තීය සමිති පැවසුවද එවැනි විදුලිය විසන්ධිවීමක් කිසිසේත් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා අවධාරණය කරයි. හදිසි විදුලි විසන්ධීවීමක් පිළීබඳව කිසිසේත් අනියත බියක් ඇතිකර නොගන්නැයි ඔහු ජනතාවෙගන් ඉල්ලීමක් කරයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ස්වභාවික ආපදාවක් හේතුවෙන් විදුලිය බිද වැටුණද එය නිරකරණය සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නැති පසුබිමක හදිසි වර්ජනයක නිරතවීම ආයතන සංග්‍රහයට අනුව විනය විරෝධී ක්‍රියාවකි. නොදන්වා සේවයට වාර්තා නොකර සිටින පුද්ගලයන් සේවය හැරගියා සේ සැලකීමට හැකියාව පවතින බව සභාපතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...