මහබාගේ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
වැලිසර මහබාගේ ප්රදේශයේදි අද සිදුවු මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය කියයි. අනතුර සිදුව ඇත්තේ ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකව මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 4 ක ගැටීමෙනි. ජීප් රථය පදවා ඇත්තේ 16 හැවිරිදි පිරිමි ළමයෙකු බව පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් එම ළමයා සහ ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.