ඊයේ දිනයේත් කොවිඩ් ආසාදිතයන් 626 ක්

Share Button

කොවිඩ් ආසාදිතයන් 626 දෙනෙකු ඊයේ දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව මේ දක්වා මෙරටදි හදුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් පන්දහස් 256 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෝ 271 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ පහලොස් දහස් 183 කි.

පසුගිය 6 වෙනිදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරිණි. ඒ සමග මෙරටින් මේ දක්වා වාර්තා ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 13586 ක් දක්වාවැඩි වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...