පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩිකිරිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share Button

වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ට අවස්ථාව සැලසෙන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල යෝජනාවට වෘත්තිය සමිතිවල සහයෝගය පලවී ඇතැයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වන විට රටේ ආයෝජන කලාප ආශ්‍රිතව විශාල රැකියා අවස්ථා සංඛ්‍යාවක් පුරප්පාඩුව පවති. ඇගඑම් ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආයෝජන මාර්ගයක් වේ. එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත අයට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබාදිමෙන් සේවකයාට මෙන්ම සේවා යෝජකයාට ද ප්‍රතිලාභ රැසක් හිමිවන බව ඔහු කිීවේය.

ගෘහ සේවයට බඳවා ගැනිීමේදී වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට ද නියමිතය. එම යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සඳහන් කලේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් දක්වා ඉහළ නැවීම ගැන පෞද්ගලික අංශයේ සේවකයන් කැමැත්තෙන් පසුවෙන බවයි. මෙරට රක්ෂණ නියෝජිතයන් ලෙස හතලිස් පන්දහසකට අධික පිරිසක් සේවය කරති. ඔවුන්ද සේවක අර්ථසාධක අරමුදලට දායක කරගත යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...