දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව යළිත් අඩුපීඩන කලාපයක්
දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව යිත් අඩුපීඩන කලාපයක් බලාපොරොත්තු වන බව කාලගුණ අංශ සඳහන් කරයි. එම නිසා දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවල යෙදිමෙන්වලකින ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.
බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමිීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකිය.