ජාතික රුක් රෝපණ දිනය අද

Share Button

ජාතික රුක් රෝපණ දිනය අදට යෙදි තිබේ. ඒ නිමිත්තෙන් වනජිවි හා වනසංරක්ෂණ අමාත්‍යංශය හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දිවයිනපුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අනුව දිවයිනපුරා පිහිටි අභය භුමි. ජාතික උද්‍යාන හා අඩවි වන කලාප තුළ සුදුසු ස්ථානයන්හි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. මෙමගින් රටේහි වන ආවරණය 2025 වනවිට සියයට 30 කින් වැඩි කිරීමට අපේක්ෂිතය. මේ අතර. ජාතික රුක් රෝපණ දිනයට සමගාමිව ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පඩුකරඳ ශාකය රෝපණය කිරීමේ වැඩසටහනක් බෙල්ලන්විල අත්තිඩිය අභය භුමි පරිශ්‍රයේදී ඊයේ පැවැත්වින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *