පෝලන්ත හමුදාවෙන් බෙල්රෑස් සරණාගතයන්ට කදුඵ ගෑස්

Share Button

පෝලන්ත හමුදා බෙලරූෂ් දේශසීමාවේ රැදි සිටින සරණාගතයන්ට කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කරයි. ජල ප්‍රහාරද එල්ල කර තිබේ. සරණාගතයන් රටට ඇතුඵවීම වැළැක්වීම එහි අරමුණයි.

සරණාගතයන් දේශසීමාවේ රාජකාරියේ නිරත හමුදා සාමාජිකයන්ට ගල්මුල්වලින් පහර දුන් බවටද තොරතුරු ලැබී තිබේ. පෝලන්තයට ඇතුලුවීමේ අරමුණින් සරණාගතයෝ දහස් ගණනක් දැඩි ශීත දේශගුණයද නොතකා සති ගණනාවක් තිස්සේ බෙලරූෂ් දේශසීමාවේ රැදි සිටිති. ඉන් බහුතරය මැද පෙරදිග රටවල වැසියෝ වෙති.

බෙලරූෂ් රාජ්‍යය පෝලන්තයට ඇතුඵවීමට සරණාගතයන් පොළඹවන බවට යුරෝපා සංගමය චෝදනා කළද බෙලරූෂ් රාජ්‍යය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *