ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සංවර්ධන ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

Share Button

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි සංවර්ධන ව්‍යාපෘති රැසක් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත් කෙරේ. මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඉන්දීය රුපියල් මිලියන හැට දෙදහසකට අධිකය. මෙම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් මහෝබා හා ජාන්සි යන දිස්ත්‍රික්කවල ජල හිගය සමනය කිරීමට ඉදි කරන ලද ඒවා බව වාර්තා වේ. මෙමගින් ඉඩම් හෙක්ටයාර් හැටපන්දහසකට පමණ ජලය සැපයීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව පානීය ජලය සැපයීමද මෙහි තවත් අරමුණකි. මෙමගින් සෙත සැලසෙන සංඛ්‍යාව ලක්ෂ ගණනක් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙගාවොට් 600 ක අල්ට්‍රා මෙගා සූර්ය බලශක්ති උද්‍යානය සඳහා මුල්ගල තැබීම ද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *