රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම්වලින් සියයට 80 ක් ඉදිරි පස්වසර තුළදී රටතුළම නිෂ්පාදනයට පියවර

Share Button

රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම්වලින් සියයට 80 ක් ඉදිරි පස් වසර තුළදී රට තුළ නිෂ්පාදනය කිරීම ඉලක්කය බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙවර අයවැයෙන් එම වැඩපිළිවෙලට ඉහළ සාර්ථකත්වයක් ලැබී ඇතැයි හෙතෙම සදහන් කරයි. මෙරට පළමු වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව බණ්ඩාරගම ප්‍රදේශයේදී ඊයේ නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. අමෙරිකාවේ ෆ්ලෙක්සිකෙයාර් සමුහයට පුර්ණ අනුබද්ධ මෙරට සමාගමක් වන ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගම ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන මෙහි මුලික කටයුතු කොවිඩ් වසංගතය පැවැති වකවානුවේ ආරම්භ කෙරිණ. මෙම සන්නාමය යටතේ රටවල් 120 ක් පුරා නිෂ්පාදන බෙදා හැරේ. මෙම කර්මාන්ත ශාලාවෙන් ඉදිරියේදී වෛද්‍ය උපකරණ ඇතුඵ නිෂ්පාදන අපනයනයට සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *