ඇෆ්ගන් ජනයාට සහාය දෙන ලෙස ඉන්දීය රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි

Share Button

පක්‍ෂග්‍රාහීත්වයෙන් ඔබ්බට ගොස් ඇෆ්ගනිස්තානයේ ජනතාවට සහාය දෙන ලෙස ඉන්දීය රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ජගත් ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතිීන්ගේ ඉන්දීය තානාපති ටී. එස්. තිරුමුර්ති මහතා මෙම ඉල්ලීම කළේය. ඇෆ්ගනිස්තානයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර කඩිනමින් සැපයීමට කටයුතු කළයුතුය. ඒ සදහා අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් ක්‍රියාකිරීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ඔහු පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය ඇෆ්ගනිස්තානයට මෙන්ම සමස්ත කලාපයට තවදුරටත් බරපතල තර්ජනයක් බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *