කොවිඩ් මර්දන එන්නත නොගත් චෙක් රාජ්‍යයේ වැසියන්ට සංචරණ සීමා

Share Button

චෙක් රාජ්‍යය කොවිඩ් මර්දන එන්නත නොගත් සිය වැසියන් සඳහා සංචරන සීමා පනවයි. වසංගත තත්ත්වය උත්සන්න වීම හා ජාතික සෞඛ්‍ය පද්ධතියෙහි ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම ඊට හේතුවයි.

ඒ අනුව ආපනශාලා, කෞතුකාගාර, සේවා සපයනු ලබන මධ්‍යස්ථාන ආදී පොදු ස්ථානවලට ඇතුඑවීම එන්නත ලබා නොගත් අය සඳහා අද සිට තහනම් කර තිබේ. මෙම සීමා ලබන වසරේ පෙබරවාරි 22 තෙක් බලපැවැත්වෙන බව එරට අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බබීෂ් පවසයි.

මේ අතර පසුගිය 15 වෙනිදා සිට එන්නත්කරණයට ලක් නොවූ අය සඳහා සංචරණ සීමා පැනවීමට මීට පෙර ඔස්ට්‍රියාව ද පියවර ගත්තේය. ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා වන සියඑ දෙනා එන්නත ලබා ගැනීමද අනිවාර්ය කෙරිණි. එම තීරණයට විරෝධය පළ කරමින් දහස් ගණනින් ජනතාව වියනා අගනුවරට රැස්ව උද්ඝෝෂණ පැවැත්වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *