හරිත කෘෂි කර්මාන්තයක් සදහා වන රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නොමැති බව ජනපති කියයි

Share Button

මෙරට කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂි කර්මාන්තයක් සදහා පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඊට අදාල රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැත.

රජයක් ලෙස කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබාදිම, කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කෙරේ. ගොවින් නිසිලෙස දැනුවත් කළ යුතුය. එය ක්‍රියාත්මක කිරිමේදි පවතින රසායනික පොහොර මාෆියාව පිළීබඳව ද හදුනා ගත යුතුය. ඒ සමග සටන්වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කිරිමට නිලධාරින්ගේ කැපවිම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය . මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදි එතුමා මේ බව පැවසිය .

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුලු සෙසු වගා කටයුතු පිළිබඳව ජනාධීපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරින්ගෙන් කරුණු විමසිය . එහිදි ඔවුන් කියා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම් වලින් සියයට 70 කට ආසන්න භූමි ප්‍රමාණයක වගාව ආරම්භ කර ඇති බවයි.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුල සිටිමින් උද්ඝෝෂණය කරන ගොවින්ගේ ගැටලු විසදිමට නිලධාරින් ක්‍රියා කළ යුතුය . රජයේ ප්‍රතිපත්ති වලට එකග නොවන නිලධාරින්ට ඉන් ඉවත් විමට බාධාවක් නොමැති බවද ජනාධීපතිතුමා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *