ඩී. එම්. කොළඹගේ මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 34 ක්

Share Button

ගුවන් විදුලි සේවයේ පුරෝගාමියෙකු වු ඩී එම් කොළඹගේ මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 34 ක් සම්පුර්ණ වෙයි. ගුවන් විදුලි සේවයේ ප්‍රථම ස්ථිර නිවේදකයා වු හෙතෙම සේවයට බැඳී ඇත්තේ 1938 වසරේ ජනවාරි පළමුවැනිදාය.

ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාව කොළඹ මාමා යන ආදර නාමයෙන් හැඳින්වු කොළඹගේ සුරින් ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ කථා හා නාට්‍ය සම්පාදක තනතුරට පත්ව ඇත. ඔහු 1964 වසරේ දී සන්ධ්‍යා සේවයේ පළමු පෙළ තනතුරකට ද පත්ව ඇත. 1969 වසරේ දී එතුමා ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම ගන්නා විට වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ඩී එම් කොළඹගේ මහතා අභාවප්‍රාප්ත වීමට දෙමසකට පෙර රාජ්‍ය සාහිත්‍ය උලෙලේ දී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එතුමා කෙටි කථාකරුවෙකු මෙන්ම වේදිකා හා සිනමා නඵවෙකු ද වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *