පාලම් පාරුව පෙරලිමේ සිද්ධියට කින්නියා නගරාධිපතිවරයා වගකිව යුතු බවට නිමල් ලන්සා රාජ්‍ය ඇමතිගෙන් චෝදනා

Share Button

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

පාලම් පාරුවක් පෙරලිමේ සිද්ධිය පිළිබඳව මෙහිදි අදහස් පළ විය. එහිදි අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළේ කින්නියා ප්‍රදේශයේ සිදු වු මෙය අනපේක්ෂිත සිදුවීමක් බවයි. මෙවැනි සිදුවිම් නැවත ඇති නොවිමට සියලුදෙනා වග බලාගත යුතු බවද හෙතෙම පැවසිය. කින්නියා ප්‍රාදේශිය සභාව හා නගර සභාව ස්ථිර පාලමක් ඉදි කරන තුරු තාවකාලික පාලම් පාරුවක් යොදාගෙන මගීන් ප්‍රවාහනයට අවසර ඉල්ලා තිබිණි. අමාත්‍යංශය එම ඉල්ලිම අනුමත නොකළ බව නිමල් ලන්සා මහතා පැවසිය. කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තම බලතල භාවිත කරමින් මෙම පාලම් පාරුවක් යොදවා තිබිණි. ඒ වෙනුවෙන් අසරණ ජනතාවට සිය ජිවිත වලින් වන්දි ගෙවිමට සිදුවිය. මෙම සිද්ධිය යොදා ගෙන දේශපාලනය නොකරන්නැයි නිමල් ලන්සා මහතා ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා නැගු ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.

මේ අතර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වයෙන් මෙම පාලම ඉදිකිරිම කඩිනම් කිරිමට පියවර ගෙන තිබෙ. යහපාලන රජය මීට වසර 05 කට පෙර මුල්ගල තබා ඇතත් තවමත් පාලම ඉදි නොකිරිම පිළිබඳව කණගාටු වන බව ඔහු පැවසිය. සිද්ධියෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ශෝකය පළ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කිවේය.

ලබන ජනවාරි 01 වැනිදායින් පසු රාජ්‍ය සේවකයන්ට තම කැමැත්ත පරිදි වයස අවුරුදු 55 දී හෝ විශ්‍රාම යා හැකි බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කිවේය. ලබන වසර සදහා වන රජයේ අයවැය ලේඛණය ඉදිරිපත් කළේ අභියෝගාත්මක පසුබිමක සිටයි. ජනතාවට උපරිම සහාය ලබාදෙමින් රටේ ආර්ථිකය නැංවිමට මුදල් අමාත්‍යවරයා ගන්නා උත්සාහය ප්‍රශංසනිය බව ද ඔහු පැවසිය. මෙවර අයවැයට දිගුකාලින මෙන්ම මධ්‍යකාලින සැලසුම් ද ඇතුළත් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කාරක සභා අවස්ථාවේ නැගු අවස්ථාවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ සැබෑ සංවර්ධනයක් ඇති කිරිමට නම් ආර්ථික සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද තිබිය යුතු බවයි. පුද්ගලයන් විනයගරුක විය යුතුය. එම කාර්යභාරය බුද්ධශාසන අමාත්‍යංශයට පැවරේ. වසර 2500 කට අධික කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරජීවනයට රටක් ලෙස ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.

බෞද්ධ අධ්‍යාපනය සඳහා පමණක් නොව සියලු ආගම්වල අධ්‍යයන කටයුතු සදහා රජය අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පිරිවෙන් අධ්‍යාපනය සෘජුවම අමාත්‍යංශ විෂය පථයට අයත් වෙයි. විහාරස්ථාන ආශ්‍රිත පිරිවෙන් ද අධික්ෂණයට ලක් කෙරේ. ඊට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි පාර්ලිමේන්තුවේදි වාවික පිළිතුරු අපේක්ෂාවෙන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම කිවේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික පසුබෑම් හමුවේ වුවද ආගමික අධ්‍යයන කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රතිපාන වෙන් කිරිමට බලාපොරොත්තු වන බව කිවේය.අග්‍රාමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් මීට අදාල සියලු කටයුතු සිදු වේ. සමාජ සෝදා පාඵව හමුවේ දහම්පාසල් හා පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් වැඩිදියුණු කළ යුතුය. එසේනොවුනහොත් රට තවත් විනාශයට යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *