රසායනික පොහොර ආනයනය කිරිමට පෞද්ගලික අංශයට අවසර

Share Button

රසායනික පොහොර ආනයනය කිරිමට පෞද්ගලික අංශයට අද සිට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කීවේය. ජනතාවාදි ආණ්ඩුවක් ලෙස රජය මෙම තීරණයට එළඹුණු බවත් හරිත කෘෂිකර්මාන්තය සදහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ගොවින්ට කාබනික වගාව සදහා අවශ්‍ය පොහොර සහ බීජ ලබාදෙන බව ද ඔහු පැවසිය.

මාධ්‍ය හමුවට එක් වු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ විද්‍යාපීඨ ගුරුවරුන් පොදු සුදුසුකමක් ලෙස පුහුණු උපාධිධාරියෙකු බවට පත් කිරිම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනාවක් වූ බවයි.2027/2028 වනවිට එය ක්‍රියාත්මක කිරිම අරමුණයි. විද්‍යාපීඨවලින් ගුරු සේවයට එක්වන ගුරුවරුන්ගේ දැනුම හා ඉගැන්විම් තාක්ෂණ ක්‍රමවේද පිළීබඳ කිසිදු සැකයක් නොමැති බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

කින්නියා පාලම් මාරුව පෙරලිමෙන් මියගිය අයගේ පවුල් වෙත ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කණගාටුව පළ කරන බව ද හෙතෙම පැවසිය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ස්ථානයේ පාලමක් ඉදිකිරිමට කටයුතු යොදා තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *