අයහපත් කාලගුණය ශ්‍රි ලංකාව ටෙස්ට් ජයග්‍රහනය කල් දමයි

Share Button

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණු 52 ක් ලබා සිටී. ඔවුන්ට තරගය ජයග්‍රහනය කිරීම සඳහා තවත් ලකුණු 298 ක් ලබාගත යුතුය.

සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 191 ක් ලබා සිටි ශ්‍රි ලංකා කන්ඩායම තරගය අත්හිටුවා ලකුණු 348 ක ඉලක්කයක් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නේය. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 15 ක් ඉතිරිව තිබියදී අද දිනයේ තරගය නවතා දැවීමට තිරණය කෙරිණි.

ශ්‍රි ලංකාව පළමු ඉනිමට ලකුණු 386 ක් රැස් කළේය. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පලමු ඉනිම සදහා ලබාගත හැකි වූයේ ලකුණු 230 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *