යෞවන චිත්‍රපට උළෙලේ කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය අද සහ හෙට

Share Button

යෞවන චිත්‍රපට උළෙලේ කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය අද සහ හෙට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හී දී පැවැත්වේ. ඊට නිර්මානකරුවන් 166 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි ජාතික තරුණසේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහි කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රථම ස්ථාන සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් ද දෙවන හා තෙවන ස්ථානවලට පිළිවෙලින් රුපියල් ලක්ෂය හා රුපියල් හැත්තෑපන්දහස බැගින් ත්‍යාග පිරිනැමේ. සෙසු ස්ථාන සඳහා ද මුල්‍ය ත්‍යාග පිරිනැමෙන බව ද ඔහු පැවසිය.

සම්මාන උළෙල කොළඹ නෙඑම් පොකුණ රගහලේදි ලබන සිකුරාදා පැවැත්වේ. මෙහි අවසන් වටය සඳහා කෙටි චිත්‍ර පට අංශයෙන් නිර්මාන 13 ක් වාර්තා අංශයෙන් නිර්මාන 13 ක් සහ වාර්තා චිත්‍රපට අංශයෙන් නිර්මාන 8 ක් තෝරාගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *