ආර්ථික අර්බුදයේ පීඩනය ජනවාරි මාසයේ පහළ යනු ඇතැයි මහබැංකු අධිපති කියයි

Share Button

ආර්ථික අර්බුදයත් සමග ඇතිවී තිබෙන පිඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පලකරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇතිවු ආර්ථික අර්බුදයෙන් රටේ සියලුම ක්ෂේත්‍ර පීඩනයට ලක්ව ඇති බවයි. එම පිඩනය ද පෙබරවාරි මාසය වන විට ඉවත්වනු ඇතැයි ඔහු සඳහන් කලේය.

සංචාරක ක්ෂේත්‍රයේ ගැටඑ සම්බන්ධයෙන් මහ බැංකු ශ්‍රවනාගාරයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව කියා සිටියේය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලිමක අනුව සාකච්ඡාව පැවැත්විණි. අමාත්‍යවරයා එහිදි ඉල්ලා සිටියේ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට ලබාදී ඇති සහන දීර්ඝ කරන ලෙසයි. එමෙන්ම ලබාදි ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *