කටුනායක ගුවන් තොටුපල පුලුල් කිරිමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අගමැති ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ

Share Button

පැවති යහපාලන රජයේ අදූරදර්ශි පාලනය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පුඵල් කිරිමේ ව්‍යාපෘතිය නියමිත කාලයේදි අවසන් කිරිමට නොහැකි වු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම හේතුවෙන් රජයට සිදු වු පාඩුව රුපියල් මිලියන 11000 අධිකය. එය මෙරට ආර්ථිකයටද සෘජුව බලපා තිබෙ.

මුල් සැලසුමේ යෝජනා වී තිබු ගොඩනැගිල්ලේ වහලයේ නෙඵම්මලක හැඩය වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලය ඉදිකිරිමට පැවති රජය කටයුතු කළේය. ඒ සදහා පමණක් 2016 වසරේදි වැය කර ඇති මුදල රුපියල් මිලියන 661 කි.

2012 වසරේ සැප්තැම්බර් මාසයේදි ව්‍යාපෘතියේ ඉදිකිරිම් සදහා මිල ගණන් කැදවන ලදි. දළ වශයෙන් රුපියල් බිලියන 06 ක ආයෝජනයක් සහිත එම ව්‍යාපෘතිය 2015 වසරේදි නිම කිරිමට අපේක්ෂා කෙරිණි.

2014 වවසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපානයේ හිටපු අ්‍රග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබා වැඩ ආරම්භ කෙරිණ. එහෙත් 2015 දී රජයට පත් යහපාලන රජය එහි ඉදිකිරිම් ප්‍රමාද කළ බව රණතුංග මහතා පෙන්වා දෙයි. යලි එහි ඉදිකිරිම් ආරම්භ වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධීතිතුමා ධුරයට පත්විමෙන් අනතුරුවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *