සූරියවැව, මීගහජඳුර ප්‍රදේශයේ ගම්වාසීහු අලි වෙඩි ඉල්ලා සිටිති

Share Button

මේ දිනවල වන අලින්ගෙන් තමන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි සූරියවැව, මීගහජඳුර ප්‍රදේශයේ ගම්වාසීහු පවසති. රංචු පිටින් ගම්වදින වන අලි ඵල දරන පොල් ගස් පවා කඩා දමමින් ගෙවතු වගාවන්ට හානි පමුණුවති.

මෙම තර්ජනයෙන් මිදීම සඳහා තමන්ට අලි වෙඩි ලබා දෙන ලෙස ගම්වාසීහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දුර බැහැර සිට හම්බන්තොට අඩවි වනජීවී කාර්යාලයට පැමිණීම දුෂ්කර බැවින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් අලි වෙඩි ලබා දීමට කටයුතු කරන්නැයි ද ඔවුහු පවසති.
දකුණු පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂතුමණි මේ ඔබේ අවධානයට.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *