අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අදයි

Share Button

අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අදයි. විදේශ කටයුතු හා ජනමාධ්‍ය යන අමාත්‍යංශවල වැය ශිර්ෂ අද විවාදයට ගැනින. විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බකිර් මාකර් මහතා පැවසුවේ කුමන ආණ්ඩු බලයට පැමිණියත් රටට හිතකර විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි. එමෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකවලින් ශ්‍රී ලංකාව පහල මට්ටමක සිටින බවද ඔහු අද පාර්ලිමේන්තුවේදී කීවේය.

පුද්ගල වුවමනාවන් මත සත්‍ය නිර්මාණය කිරීමක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පැවසීය. සත්‍ය හා බොරුව අවබෝධ කර ගැනීමට නොහැකිව මාධ්‍යවේදියාගේ මධ්‍යස්ථ කාර්යභාරය අභියෝගයකට ලක්ව ඇතැයි ද ඔහු සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි චරිත හේරත් මහතා විවාදයට එක්වෙමින් පැවසුවේ මාධ්‍ය ආයතන රාජ්‍ය මාධ්‍ය ආයතන බොහොමයක් 2015 වනවිට ලාභ ලබමින් තිබු බවයි. අද එම ආයතන පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රකාශ කළ මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රුපවාහිනි සංස්ථාව බී බී සී ආයතනය මෙන් ස්වාධින තත්ත්වයට පත්කළ යුතු බවද කීවේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *