වියදම් කපා හරිමින් ජනාධිපතිතුමා රටට ආදර්ශයක් ලබාදී ඇතැයි අවධාරණය කෙරේ

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියදම් කපා හරිමින් රටට ආදර්ශයක් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටි. ඒ පිළිබඳව කථා කිරීමට තමාට අයිතියක් ඇතැයි ද ඔහු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිතුමාට හෝ වෙනත් මන්ත්‍රිවරයෙකුට අපහස කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තමා සෑම විටම රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනි සිටින බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ තමා ද ජනාධිපතිවරයා ලෙසද ගුවන් යානා පරිහරණයෙන් ආදර්ශයක් ලබාදුන් බවයි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ අතර ගැටුම් ඇති වන අවස්ථාවලදී පැවති ආණ්ඩු කඩා වැදුනු බව පෙන්වාදුන් මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රශ්න ඇති නොවන ලෙස මිත්‍රත්ත්වයෙන් සහ යහපත් ලෙස ක්‍රියා කිරීම වැදගත් වන බවද පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *