මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැතැයි මහ බැංකුව කියයි

Share Button

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම අනුපාතික පිළිවෙලින් දැනට පවතින සියයට 5 සහ සියයට 6 මට්ටමේ අඛණ්ඩව පවතිනු ඇත. දේශිය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයක් සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එලඹ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහලයාම හේතුවෙන් මෑත කාලීනව උද්ධමනය ඉහලයාම මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්විය. ඉදිරි කාලයේදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ලගාවීම සදහා සහාය වෙමින් මෑත කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය කැපවී ඇතැයි මහ බැංකුව අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *