බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ප්‍රථම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍ය්නතර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනීම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් ලබා ඉනීම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නේය. එම කණ්ඩායම දෙවන ඉනීම සදහා සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 160 ක් පමණී. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නික්රුමා බෝනර් නොදැවී ලකුණු 68 ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 5 ක්ද. රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක්ද බිද හෙඵහ. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනීමට ලකුණු 386 රැස් කළේය. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමු ඉනීම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 230 කි. මෙම ජයග්‍රහණයත් සමග අයි සී සී ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 12 ක් ශ්‍රී ලංකාවට හිමිවිය. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සදුදා ඇරඹෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *