නැගෙනහිර පළාතේ සියලු පාලම්පාරුවල ගුණාත්මක තත්වය පරීක්‍ෂා කෙරේ

Share Button

නැගෙනහිර පළාතේ දැනට භාවිතයට යොදා ගන්නා සියලු පාලම් පාරුවල ගුණාත්මක තත්ත්වය පරීක්‍ෂා කිරීම සදහා විශේෂ කණ්ඩායමක් යොදවන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. පොලිසිය. නාවික හමුදාව. පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් ඇතුළත් කණ්ඩායමක් ඒ සදහා පත් කිරීමට නියමිතයි. පසුගියදා පාලම් පාරුවක් පෙරලීමෙන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් සොයා බැලීම සදහා ඇය අද පෙරවරුවේ එම රෝහල වෙත ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *