වරලත් මාධ්‍යවේදී ආයතනයේ මුලික කටයුතු ලබන මැයි මාසයේදී ඇරඹෙයි

Share Button

වරලත් මාධ්‍යවේදී ආයතනයේ මුලික කටයුතු ලබන මැයි මාසයේ ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙරට මාධ්‍ය සාක්ෂරතාව පහල මට්ටමක පවතී. එවැනි තත්ත්වයක් හමුවේ මාධ්‍ය භාවිතය සමාජයට හිතකර නොවේ. වරලත් මාධ්‍යවේදී ආයතනය මුල් කරගනිමින් සාමාන්‍ය පෙළ උසස් පෙල සිසුන් පන්දහසක් පාසල්වල මාධ්‍ය කව හරහා සම්බන්ධ කර ගන්නා බව හෙතෙම සදහන් කරයි. විශ්ව විද්‍යාල මාධ්‍ය කව ඇති කිරීමටද ක්‍රියාකෙරේ මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්‍ෂා කරන රජයක් ලෙස ඇසිදිසි මාධ්‍යවේදී රක්‍ෂණාවරණය ලබාදීම ලබන මස 02 වැනිදා සිදුකෙරේ. ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් එය සිදුකෙරෙන බව අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය මාධ්‍ය ආයතන රටට බරක් නොවී පවත්වාගෙන යායුතුය. ඊට අදාළ අණ පනත් සංශෝධනයට පියවර ගෙන තිබේ. තැපැල් සේවය මේ වනවිට අභියෝග රැසකට මුහුණදී ඇත. රට වසා තැබු සමයේ තැපැල් සේවකයන් ඉටුකළ සේවය ඇගයීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *