පාස්කු ප්‍රහාරය පිළීබඳ තොරතුරු එවකට රජයේ සැලකියයුතු නිලධාරීන් පිරිසක් දැන සිටි බවට තොරතුරු හෙලිවෙයි

Share Button

පාස්කු ප්‍රහාරයට සති දෙකකට පෙර ඒ පිළිබඳව තොරතුරු මෙරට රජයේ හිටපු ප්‍රධානීන් ආරක්‍ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් දැන සිටි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන නඩුවේදී අනාවරණ වී තිබේ. එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඉදිරිපත් කළ සාක්‍ෂිවලින් ඒ බව තහවුරු වී ඇත.

මෙම නඩුව 3 වන දිනටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබිණ. නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරයට පෙර ඔහුට ලැබි තිබු තොරතුරුවලට අදාළ වාර්තා ඊයේ සහ අද අධීකරණයට ඉදිරිපත් කළේය. නිලන්ත ජයවර්ධන මහතා අධීකරණය හමුවේ ඉදිරිපත් කළ සාක්‍ෂිවලට අනුව ඔහුට මෙම ප්‍රහාරය පිළීබඳව දැන ගැනීමට ලැබි ඇත්තේ ඉන්දියාවේ සිටින බුද්ධි ඔත්තුකරුවෙකු මගිනි. පසුව තමා ඒ පිළිබඳව හිටපු පොලිස්පති, හිටපු ආරක්‍ෂක ලේකම්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා දැනුවත් කළ බව ඔහු සදහන් කළේය.

ඒ අනුව එවක ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වු ප්‍රධානීන් සමග ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, ඇතුඵ රජයේ සැලකියයුතු පිරිසක් මේ පිළීබඳව දැනගෙන සිටි බවත් එම තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවරක් නොගෙන නොසලකා හැර ඇති බවත් එහිදී අනාවරණ විය.

පුද්ගලයන් 295 දෙනෙකුට මරු කැදවමින් තවත් 500 කට පමණ පිරිසකට බරපතල තුවාල සිදුකල අන්තවාදී ත්‍රස්තවාදී නායක සහරාන් ඇතුඵ කල්ලිය සිදුකළ ප්‍රහාරය පිළීබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්විමට කටයුතු නොකළ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මිනි මැරීම, මිනී මැරීමට තැත්කිරීම ඇතුඵ චෝදනා 855 ක් යටතේ නඩු පවරා තිබේ. මෙම නඩු විභාගය තවදුරටත් පැවැතවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *